spot_img
spot_img

රෝහිතට දුන්න අලුත් තනතුර

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර තිබෙනවා.

එම තීරණය ගෙන තිබෙන්නේ අද පැවති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා සහ දේශපාලන මණ්ඩල රැස්විමේ දී.

කොළඔ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතා ගේ නිල නිවසේදී පැවති මෙම සාකච්ඡාවෙන් පසු පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගල කාරියවසම් මහතා පවසා සිටියේ

“මේ රැස්වීම පැවැත්වෙන්න මූලිකවම ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණය තමයි පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු විශේෂයෙන්ම ඉදිරියට එන්නේ මැතිවරණ කාලයක්. ඒ කටයුතු ශක්තිමත්ව කිරීමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය වුණා.ඒ සම්බන්ධයෙන් මුහුණ දෙන්න පුළුවන්.ඒ අනුව පක්ෂයේ ජාතික කැඳවුම්කරු හැටියට නව තනතුරක් හැටියට පක්ෂ වයවස්ථාවට ඇතුළත් කළා. ඊටපස්සේ විධායක ස්භා මණ්ඩලය ඒකමතිකව ඒ තනතුර සඳහා රෝහිත අබේගුණවර්ධන මහතාගේ නාමය අනුමත කළා.ඒ අනුව එතුමා අද සිට පක්ෂ නිලධාරී මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට විතරක් නෙවෙයි. ජාතික කැඳවුම්කරු හැටියට කටයුතු කරනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...