අද (06) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වි තිබූ අතර, විදුලිබල පනත් කෙටුම්පත අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි.
ඉන් අනතුරුව අද පස්වරු 5.30ට පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා සදහන් කළා.
මේ අතර, අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක අජිත් පී. පෙරේරා මහතා අදහස් පල කළා.
රජයේ ගිණුම්පිළිබද කාරක සභාව,අධ්‍යාපනය පිළිබද ආංශික අධික්ෂණ කාරක සභාව සහ සෞඛ්‍ය පිළිබඳව ආංශික අධික්ෂණ කාරක සභාව ද අද (06)පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්විමට නියමිතයි.
Comments




