Sunday, April 19, 2026
spot_img
spot_img

ලොකු රාළහාමිගෙන් එල්ලවන තාඩන පීඩන ඉවසා ගැනීමට නොහැකිව දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපතිවරයා අතුරුදහන්

ලොකු රාළහාමිගෙන් එල්ලවන තාඩන පීඩන ඉවසා ගැනීමට නොහැකිව පළාත තුළ ඉහළ පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ස්ථාන මාරුවිමි ලබා ගෙන ගොස් ඇති බව වාර්ථාවේ.

මේ ආකාරයට දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපතිවරයා ද එල්ලවන තාඩන පිඩන නිසා රැකියාව එපා වී ලෙඩ නිවාඩු දමා අතුරුදහන්ව ඇති බවට පොලිස් ආරංද් මාර්ග සදහන් කරයි. ඒ අනුව දුම්මලසුරිය පොලිස් ස්ථානයේ සෙසු නිලධාරින් 18 දෙනෙකු හිටි හැටියේ මාරුකර යවා ඇති බවද වාර්තාවේ.

මෙම ස්ථානාධිපතිවරයා දුම්මලසූරිය ප්‍රදේශයේ ඉතා හොඳින් රාජකාරිය කළ පුද්ගලයෙක් බවත් ලොකු රාළහාමිගේ ඉටුකළ නොහැකි නියෝග වලට අවනත නොවීම හේතුවෙන් දිගින් දිගටම පළිගැනීම් සිදු කරන බව සදහන්වෙි.

පසුගිය වෙසක් පෝය නිමිත්තේන් ගිරිවුල්ල ප්‍රදේශයේ පැවති වෙසක් කාළපායේදී පොලිසිය අනුග්‍රහයෙන් දන්සලක් පවත්වා ඇති අතර ඊට පළාතේ සියලුම පොලස් ස්ථානවලින් රුපියල් ලක්ෂයක මුදලක් එකතු කර දිය යුතු බවට නියෝග කර ඇති අතර එම මුදල් අපරාධකාරයින්ගෙන් එකතු කළ යුතු බවට එම ස්ථානාධිපති වරයා පවසා ඇති බව වාර්තාවෙි.

ලොකු රාළහාමිට හිතවත් ස්ථානාධිපතිවරුන් පත් කර ගැනීම සඳහා මෙවැනි උපක්‍රමයන් සිදුකරන බව සදහන්වේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...