spot_img
spot_img

දුම්රිය ප්‍රමාදයක්

පල්ලේවෙල සහ ගනේගොඩ දුම්රිය ස්ථාන අතර සහ වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජේ. එන්. ඉඳිපොලගේ මහතා මේ බව පැවසීය.

මේ අතර, අයහපත් කාලගුණික තත්ත්වය සමග ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ පුත්තලම මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා සංඥා පද්ධතියේ දෝෂ ඇතිවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් කිහිපයක් දක්නට ලැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඉඳිපොලගේ මහතා පැවසුවේ, බොහෝ දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ගයට ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවය.

වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් ජලයෙන් ගසාගෙන යාම හේතුවෙන් මේ වනවිට කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...