spot_img
spot_img

ආපදා මරණ 10ක්. 05ක් අතුරුදන්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ, සිදුවු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 177ක ජනතාව පීඩාවට පත්ව සිටින බව සඳහන් වනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඒ අනුව පවුල් 9,764කට අයත් පුද්ගලයින් 36,504 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති අතර, සුරක්ෂිත මධ්‍යස්ථාන 32ක පුද්ගලයින් 5,174 දෙනෙකු රඳවා සිටින බවයි.

නිවාස 4,119ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති අතර, නිවාස 28ක් පුර්ණ වශයෙන් හානියට පත්ව තිබෙනවා.

මේ අතර, ඊයේ පස්වරු 6න් අවසන් වු පැය 24තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයේ පලවෙල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 377 අගයක් ගෙන ටිබෙනවා.

අද දිනය තුළත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලමීටර් 150 ඉක්ම වු වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසනවා.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, අද (03) අලුයම නිකුත් කර ඇති නිවේදනයක් අනුව නිල්වලා ගඟ ද්‍රෝණියේ ප්‍රදේශ කිහිපයකට පවතින ගංවතුර තත්ත්වය තවදුටත් පැවතිය හැකි බවයි.

ඒ අනුව පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, දෙවිනුවර සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් වන පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර හා අකුරැස්ස යන ප්‍රදේශවල ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා.

අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, දෙවිනුවර හා මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් වල අද දිනය අවසන් වන තෙක්ම තවදුරටත් ගංවතුර තත්ත්වය පැවතිය හැකි බවයි එම දෙපාර්තුමේන්තු සඳහන් කළේ.

මේ අතර, පහළ ප්‍රදේශවලදී ගඟේ ජලමට්ටම තවදුරටත් වර්නධය වෙමින් පවතින බැවින් පැය 2ක පමණ කාලයක් තුළ ගල්බන්ඩ් නමින් හඳුන්වන ඹ්ර්‍5 බැම්ම සුළු වශයෙන් උතුරා යෑමේ වැඩි ඉඩක් පවතිනවා.

එසේ වුවද, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, නිල්වලා ගංවතුර ආරක්ෂිත බැමිවලින් ආරක්ෂිත ප්‍රදේශවල සැලකිය යුතු ජල ප්‍රමාණයක් මේ වනවිට රැඳී නොමැති බැවින් එසේ උතුරා යන ජලය හේතුවෙන් ගංවතුර බලපෑමක් නොමැති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...