spot_img
spot_img

අයහපත් කාලගුණය සමග ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත කඩිනමින් මුදල් වෙන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ගෙවුණු පැය 24 තුළදි පුද්ගල මරණ 07ක් වාර්තා වී තිබෙනවා.

අවිස්සාවේල්ල – පුවක්පිටිය – එලිස්ටන් වතුයායේ නිවසක සිටි 78 හැවිරිදි පියා, 36 හැවිරිදි දියණිය සහ හත් හැවිරිදි මිනිබිරිය ගං වතුරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම අවිස්සාවේල්ල හේවාඉන්න ප්‍රදේශයේ ද පස් කන්දකට යටවීමෙන් 11 හැවිරිදි දැරියක්ද මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මීට අමතරව දෙයියන්දර – පල්ලේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබුවා. තුවාලකරු ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර, මියගිය දෙදෙනා අවුරුදු 20 සහ 27 යන වයස්වල පසුවන දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එමෙන්ම, ගාල්ල – තවලම ප්‍රදේශයේදී ගං වතුරට හසුවීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

ඊට අමතරව අකුරැස්ස – පෝරතොට ප්‍රදේශයේ නිවසක් මතට අද උදෑසන පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වයස අවුරුදු 3 ක සහ 16 ක දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මේ අතර පවතින ජල ගැලීම් තත්ත්වයන් නැරඹීමට යාමෙන් වලකින ලෙසයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට, මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් තවදුරටත් මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.

මේ අතර අද පෙරවරු 8. 30 සිට පස්වරු 2 දක්වා කාලය තුළ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය කිරිදිවැල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 152 ක් බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

වර්ෂාවත් සමඟ අත්ගලුඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඒ අවට පහත් බිම් වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල යන ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවදානයෙන් සිටින ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...