spot_img
spot_img

දිස්ත්‍රික්ක 10කට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

එමෙන්ම මහනුවර, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, කෑගල්ල, හම්බන්තොට, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක් සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එම නායයෑම් අනතුරු ඇඟවීම් අද (02) අලුයම 04 සිට හෙට (03) අලුයම 04 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළා.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත් වන්න (රතු)

කොළඹ දිස්ත්‍රික්කය:
පාදුක්ක

කළුතර දිස්ත්‍රික්කය:
මතුගම
⁠ඉංගිරිය
පාලින්දනුවර
⁠බුලත්සිංහල

රත්නපුර දිස්ත්‍රික්කය:
කුරුවිට
⁠ඇලපාත
කිරිඇල්ල
අයගම
ඇහැළියගොඩ
කලවාන
රත්නපුර

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවධානයෙන් සිටින්න (ඇම්බර්)

කොළඹ දිස්ත්‍රික්කය:
සීතාවක

හම්බන්තොට දිස්ත්‍රික්කය:
වලස්මුල්ල

කළුතර දිස්ත්‍රික්කය:
වලල්ලාවිට
⁠හොරණ

මහනුවර දිස්ත්‍රික්කය:
උඩපළාත

කෑගල්ල දිස්ත්‍රික්කය:
දෙහිඹ්විට
⁠දැරණියගල

මාතර දිස්ත්‍රික්කය:
මුලටියන
පිටබැද්දර
කොටපල

නුවර එළිය දිස්ත්‍රික්කය:
අඹගමුව
කොත්මලේ

රත්නපුර දිස්ත්‍රික්කය:
⁠ඉඹුල්පේ

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

ගාල්ල දිස්ත්‍රික්කය:
තවගම
⁠නියගම
⁠ඇල්පිටිය
⁠නාගොඩ
⁠නෙළුව

හම්බන්තොට දිස්ත්‍රික්කය:
කටුවන

කළුතර දිස්ත්‍රික්කය:
දොඩංගොඩ
අගලවත්ත

මහනුවර දිස්ත්‍රික්කය:
පස්බාගෙ කෝරළය
⁠ගඟ ඉහළ කෝරළය
උඩුනුවර
⁠ගඟවට කෝරළය
⁠යටිනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය:
යටියන්තොට
⁠බුලත්කොහුපිටිය
රුවන්වැල්ල
⁠රඹුක්කන
⁠වරකාපොළ
ගලිගමුව
අරණායක
⁠මාවනැල්ල
⁠කෑගල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කය:
මාවතගම
රිදීගම

මාතර දිස්ත්‍රික්කය:
පස්ගොඩ
අකුරැස්ස

නුවර එළිය දිස්ත්‍රික්කය:
⁠නුවර එළිය

රත්නපුර දිස්ත්‍රික්කය:
⁠බලංගොඩ

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...