spot_img
spot_img

තොණ්ඩමන් නුවරඑළිය පොලිසිය ඉදිරියේ යකා නටයි

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ පිරිසක් අද (01) නුවරඑළිය පොලිස් ස්ථානය අසල විරෝධතාවයක නිරත වී තිබෙනවා.

මෙම විරෝධතාවය හේතුවෙන් නුවරඑළිය අවට පොලිස් ස්ථානවලින් අමතර පොලිස් බලඇණි නුවරඑළියට කැඳවා තිබූ බවයි වාර්තා වෙන්නේ.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් නුවරඑළිය, පිඩෘ වතුයායේ තේ කර්මාන්ත ශාලාවට පසුගියදා සිය ආධාරකරුවන් පිරිසක් සමග ගොස් එහි පාලනාධිකාරිය කාර්යාල අඩස්සියට ගෙන තිබුණා.

ඒ, එම තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටි සේවකයින්ව ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ඊට එරෙහිව එම වතුයායේ පාලනාධිකාරිය විසින් අද නුවරඑළිය පොලීසියට කළ පැමිණිල්ලකට විරෝධය පළ කරමින් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිස නුවරඑළිය පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරතවුණා.

විරෝධතාවයේ නියැලී සිටි අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පොලීසිය තුළට පැමිණෙන ලෙසට නුවරඑළිය පොලීසියේ නිලධාරින් අවස්ථා කිහිපයකදී ඉල්ලිම් කළත්, එම ඉල්ලීම් අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙනවා.

පසුව අමාත්‍යවරයා පොලීසිය තුළට ගොස් උසස් පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කර පිටතට පැමිණ ආධාරකරුවන් හමුවේ කියා සිටියේ වතු පාලනාධිකාරිය මගින් තමන්ට සහ තම ආධාරකරුවන්ට එරෙහිව කර ඇති පැමිණිල්ල ඉල්ලා අස් කරගැනීමට එකඟතාවය පළ කළ බවයි.

අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කිරීමෙන් පසු ආධාරකරුවන් පොලීසිය ඉදිරිපිටින් ඉවත්ව ඇති බව සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...