spot_img
spot_img

අධික උණුසුමෙන් පැය 24ක් තුළ ඉන්දියාවේ 85ක් මරුට

පසුගිය පැය 24 තුළ අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ඔඩිෂා, බිහාර්, ජාර්කාන්ද්, රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්තවල පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ ඇතැම් පළාත්වල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඊයේ (31) දිනයේදී පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

එහිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 පසු කර ඇති ඔඩිෂා පළාතේ පමණක් මරණ 10ක් වාර්තා වන බවත්, නවදිල්ලිය, බිහාර්, රාජස්තාන් සහ ජාර්කන්ඩ් පළාත්වලින් සෙසු මරණයන්ද වාර්තා වෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඔඩිෂා පළාතේ රෝහල් සඳහා අධික උෂ්ණත්වය දරා ගැනීමට අපහසුතාවයෙන් පුද්ගලයන් 40කට අධික සංඛ්‍යාවක් ප්‍රථිකාර සඳහා ඇතුළත් කර තිබෙන බවත් එම මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...