spot_img
spot_img

ලංකා හොස්පිටල් අයිතිය ගැන තීරණයක්

මෙරට ලැයිස්තුගත සෞඛ්‍ය සේවා සැපයුම් සමාගමක් වන ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව ලංකා හොස්පිටල්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස්කරුවා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් විසින් සිය කොටස් හිමිකාරීත්වය මහා භාණ්ඩාගාරය වෙත පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ලංකා හොස්පිටල්ස් සමාගම පවසන්නේ අදාළ තීරණය පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් තමන් වෙත දැනුම් දීමක් සිදුකර ඇති බවය.

මෙම කොටස් පැවරීම සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ඉල්ලීමක් සිදුකර ඇති බව තමන් වෙත දැනුම් දී ඇති බව ද ලංකා හොස්පිටල්ස් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

ලංකා හොස්පිටල්ස් සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන්, කොටස් 58,781,308 ක් හෙවත් 26.27% ක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි ජීවිත රක්ෂණ අරමුදල (Life Fund) සතුවද, කොටස් 56,080,643 ක් හෙවත් 25.07% ක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි සාමාන්‍ය රක්ෂණ අරමුදල (General Fund) සතුව ද පවතී.

මේ අනුව ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34%කට හිමිකම් කියනු ලබන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් විසිනි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...