spot_img
spot_img

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු යළි රිමාන්ඩ්

ලබන මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2024) ක්‍රිකට් තරඟාවලියේදී තරඟ පාවාදීමට බලපෑම් කළේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහුමාන් ලබන 07 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (31) නියෝග කළා.

සැකකරු තරඟ පාවාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ සම්පූර්ණ දුරකථන සංවාදය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කරනු ලැබුවා.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අධිකරණ නියෝග පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදේශ ගතවීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය 22 දින සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...