2012 වසරේ ග්‍රීසියේ බැදුම්කර වල ආයෝජන සිදු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝතා මතුකර තිබුණා.
එම මූලික විරෝධතා පිළිගත් කොළඹ මහාධිකරන විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අනතුරුව විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කළා.




