spot_img
spot_img

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගන්න නව ක්‍රමයක්

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී විධිමත් බවක් නොමැති බැවින් එය හැකි ඉක්මණින් නිවැරදි කරන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දන්වා තිබෙනවා.

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය පරික්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායකවලට මුලිකත්වය දී කටයුතු කරන ලෙසයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් වෙත එම කාරක සභාව උපදෙස් ලබාදී ඇත්තේ.

මේ කරුණු සාකච්ජා වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (28) පාර්ලිමේන්තුවේදී රැස්වූ මොහොතේදීයි.

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දැනට භාවිතා කරන ලකුණු ලබාදීමේ ක්‍රමවේදයද ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් එම කාරක සභාව හමුවේ පවසා තිබුණා.

මෙදින කාරක සභාව හමුවේ 2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනතේ 27 වැනි වගන්තිය යටතේ 2024.04.29 දිනැති අංක 2382/02 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පලකළ රෙගුලාසි සංශෝධනය සලකා බැලීමද සිදු කෙරුණා.

මෙම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී අතින් දත්ත සටහන් කරගැනීම තුළ දුෂණ අක්‍රමිකතා සිදුවන නිසා ඊට ඉලෙක්ට්‍රොනික් ක්‍රමයක් භාව්ත කරන්නැයි කාරක සභාව උපදෙස් දුන්නා.

ඒ අනුව පැමිණිලි විභාග කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර 2023.9.21 දිනැති අංක 2350/45 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පලකළ 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනතේ 3 වැනි වගන්තිය යටතේ නියෝගය නැවත සලකා බැලීම සිදු කෙරුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...