spot_img
spot_img

මෙරට ඇමෙරිකානු තානාපතිනිය මැතිවරණ කොමිසමේ සභාපති හමුවෙයි

මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමේ සභාපති හමුවී තිබෙනවා.

රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහායි ඇය මෙලෙස මැතිවරණ කොමිසමේ සභාපති හමුවී ඇත්තේ.

මැතිවරණ පැවැත්වීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ද අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමෙන් කරුණු විමසා තිබෙනවා.

ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බවයි මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබෙන්නේ.

මේ අතර පසුගිය දා යුරෝපා කොමිසමේ තානාපතිවරුන්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් ද මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හමුවී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු සාකච්ඡා කර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...