Friday, June 5, 2026
spot_img
spot_img

නිලන්ත ජයවර්ධන ට එරෙහි පෙත්සම සලකා බැලීම කල් දැමේ

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 25 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම අද (28) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ විරෝධතා ජුනි මස 25 වනදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අධිකරණය නියෝග කළේය.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 25 වනදා යළි කැඳවන ලෙස අධිකරණය නියම කළේය.

සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් රොහාන් සිල්වා පියතුමා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...