Thursday, June 4, 2026
spot_img
spot_img

මන්ත්‍රීවරුන් ඉල්ලූ වාහන පර්මිට් මේ සතියේ ජනපතිට

වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඔහු පවසන්නේ, වාහනයක් නොමැති නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයකු බොහෝ අවස්ථාවල කොළඹට පැමිණෙන්නේ ගිලන් රථයක නැගී බවයි.

මන්ත්‍රීවරයා රෝහල් බලධාරීන්ට අමතා කොළඹට එන ගිලන් රථයක නැගී පැමිණෙන බවත්, තවත් මන්ත්‍රීවරුන් පොදු ප්‍රවාහන සේවයෙන් කොළඹට පැමිණෙන බවත් කතානායකවරයා සඳහන් කළා.

මේ අතර තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙසට මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම ජනාධිපතිවරයාට මේ සතියේ භාර දෙන බවද ඔහු පැවසුවා.

තමන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් සංදේශයක් භාරදෙමින් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය දැනටමත් පළවී තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...