Friday, June 5, 2026
spot_img
spot_img

ගංගා කිහිපයක ජල මට්ටම තවදුරටත් අවදානම් මට්ටමේ

ගංගා කිහිපයක ජල මට්ටම තවදුරටත් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව අවධාරණය කළේ, ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසු විය යුතු බවයි.

කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයේදී සුළු ගංවතුර මට්ටට ළඟා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ, තවලම ප්‍රදේශයෙන් ද ගිං ගඟ අවදානම් මට්ටමේ පවතින බවයි.

නිල්වලා ගඟ අවදානම් මට්ටමට ළඟා වී ඇත්තේ, තල්ගහගොඩ සහ පානදුගම ප්‍රදේශවලිනි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් ද අවදානම් මට්ටමේ පවතින බවයි.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ 6ක් වාන් දමමින් පවතින බවයි.

ඒ අතරට තබ්බෝව, උඩවලව, දැදුරුඔය, ඇතුළත් වේ.

පසුගිය දා ඇද හැලුණු වර්ෂාවෙන් වාරි ජලාශ 10% කින් පිරි ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මකය.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර එම දිස්ත්‍රික්කයි.

මේ අතර දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණයෙන් පවුල් 11949 කට අයත් පුද්ගලයින් 44627 දෙනෙකු පීඩාවට පත්ව සිටි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඔවුන් ආරක්ෂිත ස්ථාන 17ක පුද්ගලයින් 2335 ක් රඳවා ඇති බවයි.

නිවාස 21කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 4472 කි.

මේ අතර නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි හා සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමල මොණරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 50 – 60 තද සුළං ඇති විය හැකියි.

මේ අතර බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 80ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර 60 – 70 ත් දක්වා ඉහළ යාමට හැකියාව ඇති බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...