spot_img
spot_img

ගාමිණී මාරපන අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා අද (25) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝගී තත්ත්වයෙන් පසුවූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

ගාමිණී මාරපන මහතා, හිටපු අමාත්‍යවරයෙකු වන තිලක් මාරපන මහතාගේ සොහොයුරෙකු වෙනවා.

ආන්දෝලනාත්මක නඩු රැසක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයෙකු වන ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා 2021 වසරේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ වරාය නගර කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස ද පත් කරනු ලැබුවා.

අභාවප්‍රාප්ත ගාමිණී මාරපන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ඇති.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...