spot_img
spot_img

IPL අවසන් මහා තරඟය අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පස්වරු 7.30ට චෙන්නායි හිදී ආරම්භ වීමට නියමිතයි.

එහිදී තරග වදින්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායමයි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අයි.පී.එල්. අවසන් තරගයකට සුදුසුකම් ලබාගත් තුන්වැනි අවස්ථාව මෙය වනවා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකාරීත්වය කලානිධි මාරන් විසින් දරණ අතර, සුපිරි නළු ෂාරුක් ඛාන් කොල්කටා කණ්ඩායමේ හිමිකාරිත්වය දරනු ලබනවා.

පසුගිය මාර්තු මස 3 වැනිදා ආරම්භ කෙරුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟවලිය අද දක්වා කාල සටහන් දෙකක් යටතේ පැවැත්වුණා.

මූලික වටයේදී කොල්කටා කණ්ඩායම තරග 14කට මුහුණ දෙමින් ඉන් තරඟ 09ක් ජයගෙන තිබුණා.

සන්රයිසස් කණ්ඩායම තරග 14කට මුහුණදී ඇති අතර, ඉන් තරඟ 08ක් ජයගෙන තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...