Sunday, April 19, 2026
spot_img
spot_img

ෂාරුක් දැන් සුවෙන්

විජලනයට ලක්වී, අහ්මදාබාද් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහලෙන් පිටව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කේ.ඩී. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ෂාරුක් ඔහුගේ පවුලේ අය සමග අහ්මදාබාද් ගුවන්තොටුපොළට ගිය බවයි සඳහන් වන්නේ.

ෂාරුක් හිටිහැටියේ අසනීප වූයේ අයි.පී.එල්. තරගාවලිය අතරතුරේදීයි.

ගුජරාටයේ අයි.පී.එල්. තරගාවලිය පැවැත්වෙන්නේ, දැඩි උණුසුම් කාලගුණයක් මධ්‍යයේ වන අතර ෂාරුක්ගේ කොල්කටා නයිට් රයිඩර්ස් අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් වනවා.

ෂාරුක් අසනීප වන අවස්ථාවේදී, ගුජරාටයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45.2 සිට 45.9 තෙක් ඉහළ ගොස් තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...