spot_img
spot_img

වතු කම්කරු වැටුප නොගෙව්වොත් බදු ගිවිසුම අවලංගුයි

වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප් වැඩිවීමක් මෑතකදී රජය විසින් ප්‍රකාශයට පත් කළද ඇතැම් වතු සමාගම් විසින් එම වැඩි කරන ලද වැටුප ගෙවිය නොහැකි බවට රජය වෙත නියෝජනයන් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පියවර තුනක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම පියවර තුන පහතින්,

1. මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් වර්තමාන ජීවන වියදම සහ මෑත දී ඇති වූ ආර්ථික අර්බුදයේ බලපෑම් සැලකිල්ලට ගනිමින් වතු කම්කරුවකු වෙත ගෙවිය යුතු අවම වැටුප ඇස්තමේන්තු කිරීම,

2. එලෙස ඇස්තමේන්තු ගත කරන ලද වැටුප ගෙවීම සම්බන්ධයෙන් එක් එක් වතු සමාගම සතුව පවතින හැකියාව පරීක්ෂා කර බැලීම පිණිස කමිටුවක් පත් කිරීම,

3. කිසියම් වතු සමාගමක් අයහපත් කළමනාකරණය හේතුවෙන් වැටුප් ගෙවීමට අපොහොසත් වන්නේ නම් එවැනි වතු සමාගම් සමග එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීමට හැකි වන පරිදි නීති හඳුන්වාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...