spot_img
spot_img

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

රටේ අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, වාහන ආනයනය තවදුරටත් වසා තබාගෙන සිටීමට රජය සූදානම් නොමැති බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසුවේ, මේ වනවිට මෙරට සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලයන 5.5ක ප්‍රමාණයක් ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“වාහන ආනයනය කිරීම සම්බන්ධව… අපිට රටේ ඇති වුණ ප්‍රශ්නය විසඳගන්න, එක ඩොලර් එකක්වත් අපි ළඟ නැති තත්ත්වයකට පත් වුණානේ. ඒ නිසා අපිට ආනයනයන් දෙදාහක් නවත්තන්න වුණා. එච්එස් කෝඩ් 2000කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් අපි දැන් අනිත් සියල්ලම විවෘත කළා. දැන් ඉතුරුවෙලා තියෙන්නේ වාහන පමණයි. ඒවත් අවශ්‍යතාවය මත ගේන්න ඉඩ දෙනවා. සංචාරක කර්මාන්තයට අපි වැඩපිළිවෙළක් යොදලා තියෙනවා. අවශ්‍ය පරිදි වාහන ගේන්න අනුමැතියක් ඇතිව. එකෙන් දෙන පණිවූඩය මොකක්ද? අපිට මේක වහගෙන ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට අවශ්‍යයි රට නැවත අර වාගේ හිරවෙන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න. දැන් අපි ඩොලර් බිලයන 5.5ක සංචිතයක් තියාගෙන ඉන්නවා. අපිට ගැලපෙන පරිදි, රටේ අවශ්‍යතාවය පරිදි, ඒක කරන්න අපි සූදානම්.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...