spot_img
spot_img

ඩයනා අධිකරණයට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කෙරුණු, හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

ඒ, ඇය විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක වශයෙන් නම්කර තිබීම හේතුවෙන්.

ඩයනා ගමගේ මහත්මිය සැකකාරියක ලෙස නම්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කෙරුණා.

කෙසේ වෙතත් ඇය පදිංචි ස්ථානයන් වෙත ගිය ද සැකකාරිය නොසිටි බවයි ඔවුන් අධිකරණයට මීට පෙර දැනුම් දී තිබුණේ.

මේ වන විටත් ඩයනා ගමගේ මහත්මියට විදේශ ගතවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...