spot_img
spot_img

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති ට ලිපියක්

බරපතළ වැඩසහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

උන්වහන්සේ ඉල්ලා සිටින්නේ වෙසක් පුන් පොහෝ දිනය නිමිති කොටගෙන ඥානසාර හිමියන්ට සමාව ලබාදීමට කටයුතු කරන ලෙසට ය.

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් 2016දී කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුගියදා අධිකරණයෙන් බරපතළ වැඩසහිත වසර හතරක සිර දඬුවම් නියම කෙරුණි. එම ලිපියේ දැක්වෙන්නේ…

– උපුටා ගැනීම-
“පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය කාලවකවානුව තුළ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් හඬ අවදිකරමින් කටයුතු කළ අතර සමාජය තුළ පැවති ඇතැම් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කිරීමටද පියවර ගනිමින් කටයුතු කර ඇත. ඒ තුළින් ලාංකේය සමාජය තුළ ව්‍යාප්තවීමට ගිය ඇතැම් අන්තවාදී බලවේගයන් වැළැක්වීමට රාජ්‍ය ආරක්ෂක අංශ වෙත සහයෝගයක් ලැබුණු බව නොරහසකි. තවද ‘ එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ‘ සභාපති ධුරයද දරමින් රට තුළ පොදු නීති පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ රජයට අවශ්‍ය නිර්දේශ ලබාදීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කටයුතු කර ඇත. ඒ අනුව ජාතික සමගිය මෙන්ම සමාජ සහයෝගය පිළිබඳ මනා අවබෝධයකින් එම ස්ථවිර තැන කටයුතු කර ඇති බව පැහැදිලි වේ. කරුණු එසේ හෙයින් මේ පිළිබඳ ගරු ජනාධිපතිතුමන්ගේ කාරුණික අවධානය යොමු කොට වෙසක් පුණ්‍ය මහෝත්සවය ද නිමිතිකොට ගෙන ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිර වෙත ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන්නැයි හිතධ්‍යාශයෙන් යුතුව සිහිපත් කරනවා.”

– උපුටා ගැනීම අවසන් –

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...