spot_img
spot_img

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් දැඩි තීරණයක

සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් තීරණය කර තිබෙනවා.

තම ඉල්ලීම් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේ.

ඒ අනුව විශ්වවිද්‍යාල තුළ ස්වේච්ඡාවෙන් කටයුතු කරන සියලුම සේවාවලින් ඉවත් වීමේ ඒකමතික තීරණයකට එළඹී ඇති බව එම කමිටුවේ සම සභාපති ධම්මික ප්‍රියන්ත මහතා පැවසුවා.

විශේෂයෙන්ම ජලය හා විදුලිය සැපයීම මුළුමනින්ම නතර කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා අවධාරණය කළේ.

එමෙන්ම අන්තර්ජාල පහසුකම් සැපයීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවත්, ඒ සියළු බිඳ වැටීම් සමග විශ්වවිද්‍යාල පද්ධතියේ බොහෝ දේවල් නතර වන බවත් ඔවුන් පෙන්වා දුන්නා.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ රසායනාගාර මට්ටමෙන් පවත්වාගෙන යන සාම්පල විනාශ වීම සම්බන්ධයෙන් සම්පුර්ණ වගකීම රජයේ බලධාරීන් දැරිය යුතු බව පැවසූ ධම්මික ප්‍රියන්ත මහතා අවධාරණය කළේ එවැනි අපරාධයක් විශ්වවිද්‍යාල පද්ධතියට සිදුවන්නේ රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් බවයි.

තවදුරටත් සිය ගැටළුවලට විසඳුම් ලබාදීමට අදාළ බලධාරීන් පියවර නොගන්නේ නම් ස්වෙච්ඡාවෙන් විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන යන සංවේදී කටයුතු පිළිබඳව ද නැවත සිතීමට සිදුවන බවට විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අනතුරු අඟවා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...