spot_img
spot_img

රුසියා-යුක්‍රේන කුලී හමුදාවන්ට එක්වූ ශ්‍රී ලාංකිකයින් ගැන රජය ගත් තීරණය

ජාවාරම්කරුවන්ට හසුවීමෙන් පසුව රුසියානු – යුක්‍රේන කුලී හමුදාවන්ට එක්ව දුෂ්කරතා විඳින ශ්‍රී ලාංකිකයින් ඉන් මුදාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂය මේ පිළිබඳ කළ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු ලබාදෙමිනි.

මේ අතර එලෙස රුසියානු කුලී හමුදාවල දැඩි ජීවිත අවදානම මැද සිටින තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිළිබඳ තොරතුරු  වාර්තා විය.

මෙරට හමුදා සේවයේ හිටපු සාමාජිකයන් පමණක් නොව රුසියානු යුක්‍රේන යුද්ධය ආරම්භ වීමට ප්‍රථම රුසියාවේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින්ද එරට කුලී හමුදා සාමාජිකයින් ලෙස සේවයට බැඳී ඇතැයි මේ වනවිට තොරතුරු වාර්තාවෙයි.

වලස්මුල්ල උඩදෙණිය ප්‍රදේශයේ පදිංචි 22හැවිරිදි ලක්ෂිත නුවන් සූරියබණ්ඩාර නමැති පුදග්ලයා මීට වසර දෙකකට ඉහතදී එලෙස රුසියාවේ පෞද්ගලික ආයතනයක රැකියාවක් සඳහා රුසියාව බලා පිටත්ව ගොස් පසුව කුලී හමුදා සේවයට එක්වූ අයෙකි.

මීට මාස දෙකකට ඉහත ඔහු සිය රැකියා ස්ථානයෙන් ඉවත්ව රුසියානු හමුදා සේවයට බැඳී තිබුණේ එමගින් රුසියාවේ පුරවැසිභාවය ලබාගතහැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පෝස්ටුවකට අනුවය.

මේ වනවිට මාසයක පමණ සිට ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව මෙලෙස හෙළිකළේ රුසියානු කුලී හමුදාවේ සේවය කරන අතරතුර වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගතව සිටින තවත් ශ්‍රී ලාංකිකයෙකි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...