spot_img
spot_img

ට්‍රැක්ටරයක් දුම්රියේ ගැටී අයෙක් මරුට

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියේ කොස්ගොඩ, දූවෙමෝදර දුම්රිය හරස් මාර්ගයේදි අත්ටැක්ටරයක් ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ (13) පස්වරුවේ සිදුව ඇති මෙම අනතුරින් මියගොස් ඇත්තේ ඉඳුරුව පදිංචි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු වූ තිලක් කුමාරසිරි නැමැති තිදරු පියෙක්.

අනතුරින් ට්‍රැක්ටරයේ රියදුරා තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඔහු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවත් සඳහන්.

සිද්ධිය වන අවස්ථාවේදි ට්‍රැක්ටරයේ හතර දෙනෙකු ගමන් කර ඇති අතර දුම්රිය පැමිනෙනවාත් සමගම ට්‍රැක්ටරයේ පසුපස සිටි දෙදෙනෙක් ඉන් ඉවතට පැන දිවි බේරාගෙන ඇතැයිද සඳහන්.

ගේට්ටු රහිත වූ මෙම දුම්රිය හරස්මාර්ගයේ ස්වයංක්‍රීය සීනු හා විදුලි පහන් ඇතැම් අවස්ථාවලදි නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...