spot_img
spot_img

පුතාගේ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ගත් මවට අධිකරණය දුන් දඬුවම

තම පුත්‍රයාගේ පෙම්වතිය බව කියන තරුණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ලබා ගත් මවකට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මාස 23ක සිර දඩුවමක් ලබා දී තිබෙනවා.

එය වසර 10කට අත්හිටුවා ඇති බවයි, වාර්තා වෙන්නේ.

විසි හැවිරිදි තරුණයෙකු සිය නිවසේ දී එම වයසේ තරුණියක සමඟ ලිංගිකව හැසිරී තිබෙනවා.

එම අවස්ථාවේ දී තරුණයාගේ මව විසින් අදාළ තරුණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සිය ඡංගම දුරකතනයෙන් පටිගත කර ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ඒවා තරුණියගේ දෙමාපියන් වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ හේතුවෙන් කම්පනයට පත් වූ අදාළ පෙම්වතිය විශාදය නමැති රෝගී තත්ත්වයට පත් වූ බවට තොරතුරු වාර්තා වනවා.

මෙම වීඩියෝ දර්ශන ලබා ගැනීමේ දී අදාළ මව විසින් සිය පුත්‍රයාව එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි ඇය කටයුතු කර ඇත්තේ.

මෙම සිද්ධිය මුල් කරගෙන අදාළ මවට එරෙහි ව කුරුණෑගල පොලිසියේ කාන්තා කාර්යාංශය විසින් චෝදනා තුනක් යටතේ පැමිණිලි ගොනු කෙරුණා.

අයුතු ලෙස සිරකර තබා ගැනීම, අයුතු ඡායාරූප ලබා ගැනීම සහ එය නිර්මාණය කර වෙනත් අයට පෙන්වීම, ඇයට පහර දී තුවාල සිදු කිරීම යන චෝදනා ඊට ඇතුළත්.

තමාගේ පුතා සමග නිවසේ ලිංගිකව හැසිරෙමින් සිටි පෙම්වතියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇයගේ දෙමව්පියන්ට පෙන්වා බියවැද්දීම ඇතුළු චෝදනා 03කට වරද පිළිගත් කාන්තාවකට කුරුණෑගල අධිකරණයෙන් දිය හැකි උපරිම දඬුවම නියම කර තිබෙනවා.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව විභාග වූ අතර එහි දී මව විසින් සිය වරද පිළිගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව අනුව සිර දඩුවමට අමතරව පළමු සහ දෙවන චෝදනාවලට රුපියල් 20,000ක දඩයක් නියම කර තිබෙනවා.

තෙවන වරදට රුපියල් 1,500ක දඩ මුදලක් නියම වූ බව සඳහන්.

එමෙන් ම වින්දිත තරුණියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...