spot_img
spot_img

කුරුණෑගල සංචාරක පුරවරයක් කරන්න පියවර ගන්නවා – නසීර් අහමඩ්

ආකර්ෂණීය සංචාරක පුරවරයක් වුවත් තවමත් ඉතාම නොදියුණු මට්ටමක පවතින වයඹ පළාතේ සංචාරක කර්මාන්තය ඉහළ මට්ටමකට ගෙන ඒමට තමන් කටයුතු කරන බව වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා පවසනවා.

නව ආණ්ඩුකාරවරයා මේ බව පැවැසුවේ පසුගියදා (07) වයඹ පළාතේ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් හමු වෙමින් පළාත් සභාවේ ලිච්ජවී ශාලාවේදී පැවති රැස්වීමකදීය.

මේ අවස්ථාවට හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද සහභාගි වූ අතර, එහිදී වයඹ පළාතට ගෙන එන තම ඉදිරි සැලසුම් පිළිබඳව නව ආණ්ඩුකාරවරයා මෙලෙස අදහස් දැක්වීය.

“වයඹ පළාතේ සංචාරක කර්මාන්තය ඉතාමත්ම නොදියුණු මට්ටමකයි තියෙන්නේ. එය වැඩි දියුණු කර නව ආයෝජකයන් වයඹට ගෙනත් සංචාරක කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරනවා. කුරුණෑගල කියන්නේ මේ වන විට මෙරට ආකර්ෂණීය සංචාරක මධ්‍යස්ථානයක්.

කුරුණෑගල හරහා දඹුල්ලට, හබරණට කොපමණ සංචාරකයන් පිරිසක් යනවාද? ඇයි අපට බැරි මේ අය කුරුණෑගල නතර කර ගන්න තත්ත්වයට පත් කරන්න. යාපහුව, කුරුණෑගල, දඹදෙණිය වැනි ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන තුළ සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. කුරුණෑගල වැව රවුම වගේම කල්පිටිය ප්‍රදේශයත් වයඹට තිබෙන සංචාරක උල්පත්. කුරුණෑගලට තියෙන්නේ ඉතාම දර්ශනීය වැව රවුමක්. මේ ස්ථාන දියුණු කරන්න මම උපරිමයෙන් වැඩ කරනවා.

මේ රට ආර්ථික අතින් වැටී තිබෙද්දී ගොඩගත් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. ඔහුගේ උපදෙස් සහ මඟපෙන්වීමෙන් ඉදිරියේදී සියලුම දෙනා සමඟ එක්ව ඉතා සහයෝගයෙන් වැඩ කිරීමටත්, ආණ්ඩුකාරවරයා ලෙස පළාතට පළාතේ ජනතාවට ඇප කැපවී සේවය කිරීමටත් කටයුතු කරනවා.”

වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් ඉන්දික ඉලංකෝන්, වයඹ ප්‍රධාන ලේකම් දීපිකා ගුණරත්න මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වුණා.

(කුරුණෑගල – පුෂ්පකුමාර ජයරත්න)

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...