Tuesday, April 21, 2026
spot_img
spot_img

බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපතිගෙන් නියෝගයක්

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් ඇතුළු සෙසු ඉදිකිරීම් වල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මේ උපදෙස් ලබා දි තිබුණා.

අදියර තුනක් යටතේ බිංගිරිය කර්මාන්ත කලාපයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ස්ථාපිත කිරීමට නියමිත යටිතල පහසුකම් වල සැලකිය යුතු ප්‍රමාණයක වැඩ කටයුතු දැනටමත් අවසන් කර තිබෙන බව රජය පවසනවා.

ඒ අනුව තවදුරටත් සිදු කෙරෙමින් පවතින වැඩ කටයුතු මෙම වර්ෂය අවසන් වීමට පෙර අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එළැඹෙන ජුනි මාසයේදී අදාල වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පැමිණීමට තමා අපේක්ෂා කරන බවද සඳහන් කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...