spot_img
spot_img

මන්නා රමේෂ් ගේ නිවසට පොලීසිය කඩා පනී

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයාගැනීමට හැකිවූ බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පැවසීය.

එම සැකකරුගේ අවිස්සාවේල්ල, යාලගම, නාපාවෙල නිවසේ සඟවා තිබියදී එම අත්බෝම්බය සහ යතුරුපැදිය හමුවී තිබිණි.

අත් බෝම්බය නිවස තුළ වළ දමා තිබියදී සොයා ගෙන ඇති අතර යතුරුපැදිය සොයාගෙන ඇත්තේ නිවස පිටුපස සඟවා තිබියදීය.

බස්නාහිර පළාත් දකුණ දිසාව, අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අත්සනින් යුතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් සැකකරුව අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සිදුකෙරෙයි.

අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9/1 වගන්තිය ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය මත දින අනුවක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...