spot_img
spot_img

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් ‘අල් ජසීරා’ නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ‘අල් ජසීරා’ නාලිකාවේ ප්‍රාදේශීය මෙහෙයුම් කාර්යාලයක් ලෙස භාවිතා කළ ජෙරුසලමේ පිහිටි හෝටල් කාමරයක් ඊශ්‍රායල පොලීසිය විසින් වටලා ඇති බවයි.

ඊශ්‍රායල රජය ගත් තීන්දුව අනුව එම කාර්යාල වසා දැමීම, විකාශන උපකරණ රාජසන්තක කිරීම, කේබල් සහ චන්ද්‍රිකා සමාගම්වලින් නාලිකාව කපා හැරීම සහ එහි වෙබ් අඩවි අවහිර කිරීම ඇතුළත් බව සඳහන් වනවා.

මෙම නාලිකාව විසින් පැය 24 පුරා මුළු යුද්ධයම ආවරණය වන පරිදි වාර්තා කර ඇති අතර ගාසා තීරයේ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම විවේචනය කර ඇති බවද සඳහන් වනවා.

ඊශ්‍රායලය පවසා ඇත්තේ, මෙම වාර්තාකරණය හරහා එරට ආරක්ෂාවට තර්ජනයක් සිදුවන බවයි.

කෙසේ වෙතත්, ‘අල් ජසීරා’ නාලිකාව පවසා ඇත්තේ මෙම පියවර “සාපරාධී ක්‍රියාවක්” බවත්, සිය මාධ්‍ය මෙහෙයුම් ඊශ්‍රායල ආරක්‍ෂාවට තර්ජනයක් වී ඇති බවට කරන චෝදනාව සිය මාධ්‍යවේදීන් අවදානමට ලක් කරන “භයානක හා හාස්‍යජනක බොරුවක්” වන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...