spot_img
spot_img

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ, ග්‍රාම නිලධාරි 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1,942 දෙදෙනෙකුගේ නාම ලේඛනය එලෙස ප්‍රසිද්ධ කර ඇති බවයි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ www.moha.gov.lk නිල වෙබ් අඩවියේ එම නාම ලේඛනය පළ කර තිබෙනවා.

ග්‍රාම නිලධාරී නව පත්වීම් නාම ලේඛනයේ සිටින සියලුදෙනාට මැයි මස 08 වන බදාදා උදෑසන 10.30ට අරලියගහ මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ සහභාගිත්වයෙන් පත්වීම් ප්‍රධානය කිරීමට නියමිතයි.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් 02 දින ග්‍රාම නිලධාරි විභාගය පැවත්වා තිබුණා.

එහි ප්‍රතිඵල අනුව පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරි තනතුර සඳහා ප්‍රාදේශ ලේකම් කොට්ඨාශ මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් මෙලෙස ත්‍රෛමාසික පුහුණුව සඳහා තෝරාගනු ලබනු ලැබුවා.

මෙම ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලද අයදුම්කරුවන්ගෙන් යම් අයෙකුට මේ වන තෙක් අදාළ කැඳවීම් ලිපිය ලැබී නොමැති නම් මෙම පත්වීම් ප්‍රදානෝත්සවය පිළිබඳව වැඩිදුරු තොරතුරු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ලබා ගත හැකි බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...