spot_img
spot_img

අයි ෆෝන් අලෙවිය සැලකිය යුතු ලෙස පහතට

අමෙරිකාවේ සුප්‍රකට Apple සමාගම වසරකට වැඩි කාලයක් තුළදී සිදුවූ විශාලතම අලෙවි පහත වැටීම වාර්තා කර තිබෙනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම වසරේ පළමු මාස 03 තුළ එහි අලෙවිය සියයට 4කින් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 91ක් දක්වා පහත වැටී ඇති බවයි.

අයිෆෝන් අලෙවිය සියයට 10කින් පහත වැටී ඇති අතර එය සමාගමේ සමස්ත අලෙවිය පහත වැටීමට බලපා තිබෙනවා.

අයිෆෝන් අලෙවිය මෙලෙස පහත වැටී ඇත්තේ මෙම වසරේ පළමු මාස 03 තුළ ගෝලීය ස්මාර්ට්ෆෝන් අලෙවිය ඉහළ ගොස් ඇති පසුබිමක වීම විශේෂත්වයක්.

කෙසේ වුවද, නව නිෂ්පාදන සහ කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ ආයෝජන ඉහළ දැමීමෙන් විකුණුම් ඉහළ යනු ඇතැයි යන්න ඇපල් සමාගමේ අපේක්ෂාව වී තිබෙනවා.

Microsoft, Google හි මව් සමාගම වන Alphabet සහ Meta Platforms වැනි ප්‍රධාන තාක්‍ෂණ සමාගම්ව AI තාක්ෂණය ඔවුන්ගේ යෙදවුම් සඳහා එක් කිරීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් සාකච්ඡා පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත්, Apple ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් AI තාක්‍ෂණය සඳහා වූ ඔහුගේ සැලසුම් පිළිබඳව බොහෝ දුරට හෙළි කර නැහැ.

තාක්ෂණික විශේෂඥයින් පවසන්නේ AI විශේෂාංග iPhone වලට එක් කිරීම තුළින් Huawei සහ Samsung වැනි ප්‍රතිවාදී සමාගම් සමඟ තරඟ කිරීමේදී Apple වෙත වාසි සහගත වනු ඇති බවයි.

Galaxy S24 ස්මාර්ට්ෆෝන් වල ඇති AI විශේෂාංග සඳහා ඇති දැඩි ඉල්ලුම හේතුවෙන් Samsung මේ වන විට ස්මාර්ට් ෆෝන් විකුණුම් අතරින් ලෝකයෙන්ම ඉදිරියට පැමිණ සිටිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...