විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කර තිබෙනවා.
දැනට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නෝර්වේජියානු තානාපතිනියව දැනුවත් කරමින් ඉන් අත්මිදීමට සමගි ජන බලවේගයට ඇති සැලසුම් සම්බන්ධයෙන් මෙහිදී පැහැදිලි කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම වසරේ තීරණාත්මක මැතිවරණයක් පැවැත්වෙන බැවින් ඒ සම්බන්ධයෙන්ද ඔවුන්ව දැනුවත් කළා.
මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නිරෝෂන් පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන එක්වුණා.
Comments




