Thursday, June 4, 2026
spot_img
spot_img

මාස 4ට ලාංකිකයින් 2,000ක් කොරියාවට

මේ වසරේ පළමු මාස 04 තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 2,000කට වැඩි පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

එම කාර්යංශය පෙන්වා දෙන්නේ, පුද්ගලයින් 2,064 දෙනෙකු ගත වූ මාස 04 තුළ දකුණු කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවය.

ඒ අනුව නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා 1708 දෙනෙකු, ධීවර ක්ෂේත්‍රය සඳහා 351 දෙනෙකු, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 5 දෙනෙකු ද දකුණු කොරියාව වෙත ගොස් තිබේ.

ඔවුන්ගෙන් 1,892 දෙනෙකු පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

මෙම කාල සීමාව තරුණියන් 41 දෙනෙකු ද දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...