Monday, April 20, 2026
spot_img
spot_img

වාරණ නියෝග මැද නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (24) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් සහ ප්‍රධාන ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද කොළඹ දිසා අධිකරණය නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අද (25) නිදහස් පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන තිලංග සුමතිපාල සඳහන් කළා.

කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ඔහු කියා සිටියා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...