spot_img
spot_img

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

2024 යල කන්නයේ වී වගාව සඳහා යෙදවීමට රජය විසින් මුල්‍යමය සහනාධාරයක් ගොවි ජනතාවට ලබා දීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සන්දේශයට පසුගිය මාර්තු මාසයේ දී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් මුදලක් බැගින් මෙවර යල කන්නයේදීත් වී වගා කරන ගොවි ජනතාව සඳහා ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ පොහොර මිල දී ගැනීම හෝ වී වගාව සඳහා වන වෙනත් කවර කටයුත්තක් සඳහා වුවද මෙම මුදල යොදා ගැනීමට හැකි බවයි

මේ සදහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 7.5ක්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...