spot_img
spot_img

මෛත්‍රීට තවත් වාරණ නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (24) තවත් වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ එම පක්ෂයේ හිටපු විධායක සභික මොන්ටිගූ සරත් චන්ද්‍ර ගොනු කර තිබූ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරය අහෝසි වීමෙන් අනතුරුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරිම නීතීඥානූකූල නොවන බව පවසමින් ඔහු පැමිණිල්ල ගොනු කර තිබුණා.

මීට පෙර හිටපු ජනාධිපතිවරයාට නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ගොනු කළ පැමිණිල්ලක් සළකා බැලිමෙන් අනතුරුවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...