ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා පක්ෂය වෙන්දේසි කරන බවත් ඔහුගේ ආරක්ෂාව, නඩු සහ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් මෙම පක්ෂය පාවිච්චි කරන්නේ නම් එය දැඩි අසාධාරණයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (22) පැවසුවා.
කොළඹදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කරසිටියා.
මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂයේ විධායක සභාවට සම්බන්ධවීමට කිසිඳු හැකියාව නොමැත වීම නිසා ඔහු අධිකරණයට අපහාසයක් කර ඇති බවත් වැඩබලන ලේකම්වරයාද අධිකරණයට අපහසකර ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව අධිකරණ ක්‍රියාවලියකට යොමු වන බවත් අමරවීර මහතා තවදුරටක් පවසා සිටියා.
Comments




