ඊශ්රායල හමුදා බුද්ධි අංශ ප්රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස් වී තිබෙනවා.
හමුදා බුද්ධි අංශ ප්රධානියා මෙසේ ඉල්ලා අස් වී ඇත්තේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්රායලයට එල්ල වුණු හමාස් ප්රහාරය හේතුවෙන්.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් දේශසීමා හරහා ඊශ්රායලයට කඩා වැදී පහර දුන්නේ ඊශ්රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ පුදුමයට පත් කරමින්.
ප්රහාරය එල්ල වූයේ ඊශ්රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ අසාර්ථක නිසා යැයි දිගින් දිගටම චෝදනා එල්ල වුණු අතර, මේජර් ජනරාල් ඇරොන් හලීවා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එම චෝදනා හේතුවෙන්.
Comments




