spot_img
spot_img

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 5යි  

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර පහක් ගත වී තිබෙනවා.

2019 වසරේ අප්‍රේල් මස 21වන දින පාස්කු ඉරුදිනයේ අන්තවාදීන් කණ්ඩායමක් විසින් පාස්කු ඉරුදින දේවමෙහෙයට සහභාගී වූ බැතිමතුන් මෙන්ම කොළඹ අධි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකළ අතර, එහිදී පුද්ගලයින් 273 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබුවා.

ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි.

ඊයේ පස්වරුවේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගය අගරදගුරු පදවියේ සහායක රදගරු අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය සමීපතමයින් අහිමි වු ඥාතීන් හා තුවාල ලැබුවන් එක් ව සිටියා.

එමෙන්ම අද සවස 3.00ට මීගමුව මාරිස්ටෙලා විද්‍යාල භූමියෙන් යාච්ඤායෝගී පා ගමනක් කටුවපිටිය දේවස්ථානය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත අතර, කාදිනල් හිමිපාණන් ඇතුළු සියලුම රදගුරු හිමිවරුන්, පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් සහභාගී වන මෙම පා ගමන සඳහා සහභාගී වන ලෙස සියලුම ගිහි ජනතාවටද ආරාධනා කර සිටින බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා.

තවද අද උදෑසන 8.45 ට ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වෙන
අතර, ඒ මොහොතේ දිවයිනේ සියලු දේවස්ථානවල ඝණ්ඨාර නාද කිරීමටද නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...