spot_img
spot_img

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (20) සිදුකිරීමට නියමිතයි.

පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වන විට ඔහු 92 වන වියේ පසු වුණා.

1931 වසරේ නොවැම්බර් 5 වනදා ගාල්ල උණවටුනේ උපත ලද ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කරන ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් පළමු සර්වෝදය ශ්‍රමදාන කඳවුර පවත්වන්නේ නාලන්ද විද්‍යාලයේ සිසුන් 40ක් සහ ගුරුවරුන් 12 දෙනෙකු එකතු කර ගනිමින්.

තිරසර සංවර්ධනය සහ සාමය සඳහා බුදුන් වහන්සේගේ මඟ අනුගමනය කිරීම සර්වෝදය ව්‍යාපාරයේ අරමුණ වී තිබුණා.

එහෙත් එය සියලු ජාතීන්ට ප්‍රායෝගික වන අයුරින් බෙදා දීම මගින් ග්‍රාමීය ප්‍රජාව සවිබල ගන්වන්නට මෙන්ම ඔවුන්ට රැකවරණ සලසන්නට ඔහු සර්වෝදය ව්‍යාපාරය තුළින් මහා සේවයක් ඉටු කළා.

ඒ හේතුවෙන්ම ශ්‍රී ලංකාභිමාන්‍ය, මැසේ සේ, බොඩෝයින්, නිවෝනෝ සාම ත්‍යාගය, මහත්මා ගාන්ධි සාම ත්‍යාගය වැනි ජාතික සහ ජාත්‍යන්තර උපහාර සහ සම්මාන රැසකින් ඔහු පිදුම් ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...