කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර තිබෙනවා.
මෙම ඝාතනය ඊයේ (17) රාත්‍රියේ සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරනවා.
ඝාතනයට ලක්ව ඇති අදාළ පුද්ගලයාගේ මළ සිරුර පෞද්ගලික ඉඩමක තිබී අද (18) උදෑසන සොයාගෙන තිබෙනවා.
මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි කුකුළු මස් ව්‍යාපාරියෙකු බවට අනාවරණය වි තිබුණා
ඝාතනය සිදුකළ සැකකරුවන් පිළිබඳව අනාවරණය වී නොමැති අතර රිදීගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.




