spot_img
spot_img

පරිසරයට හානි කරන අය ගැන මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පරිසරය විනාශ කිරීම් සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා මහජනතාවගෙන් ලැබෙන තොරුතුරු ඉතා වැදගත් බැවින් පොලිස්පතිවරයා විසින් එම දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, ඛනිජ ද්‍රව්‍ය ලබාගැනීම සඳහා සිදුකරනු ලබන කැනීම්, ගං ඉවුරු ආශ්‍රිතව සිදුකරන නීතිවිරෝධී කැනීම්, කර්මාන්ත ශාලා මඟින් අනීතිකව සිදුකරනු ලබන පාරිසරික හානි හා ශබ්ද දුෂණය ආදිය මඟින් වන සතුන්ට සහ පරිසරයට ප්‍රබල බලපෑමක් සිදුකර ඇතැයි පොලීසිය පවසනවා.

මෙලෙස සිදුකරනු ලබන පාරිසරික හානි සම්බන්ධව වැටලීම් සිදුකිරීම සඳහා පොලිස් විශේෂ කාර්යාංශයේ 1997  දරණ හදිසි ඇමතුම් අංකය හා මධ්‍යම පරිසර අධිකාරියේ 1981 දරණ හදිසි ඇමතුම් අංකය මේ වනවිට හඳුන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රදේශයේත් මෙවැනි පාරිසරික හානියක් සිදුවන්නේ නම් වහාම ඉහත දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය සඳහන් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...