spot_img
spot_img

හිස තෙල් ගෑමේ නැකත අද

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබෙනවා.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව ජෝතිෂ්‍යයේ දැක්වෙනවා.

මෙවර හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී  පැවැත්වෙනවා.

මේ අතර, අප්‍රේල් 18 වැනිදාට යෙදෙන පැල සිටුවීමේ නැකතට සමගාමීව මුරුංගා දිනයක් ප්‍රකාශයට පත් කර බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

ඒ අනුව එදිනට අධිපෝෂණීය මෙන්ම ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් මුරුංගා ශාකය තම ගෙවත්තේ පැළ කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...