Thursday, June 4, 2026
spot_img
spot_img

කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය

ICC කාන්තා 20 – 20 ලෝක කුසලාන ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩිකා සංචිතය, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දැරීමට නියමිතයි.

විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා සහ අනුෂ්කා සංජීවනී,  උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, හංසිමා කරුණාරත්න, කාව්‍යා කාවින්දි, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්ධිකා කුමාරි සහ සශිනි ගිම්හානි යන ක්‍රීඩිකාවන් සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වන සංචිතයට ඇතුළත්.

15 හැවිරිදි වමත් දඟපන්දු යවන ක්‍රීඩිකාව වන ශෂිනි ගිම්හානිද මෙම සංචිතයට ඇතුළත් වී තිබීම විශේෂත්වයක්.

ශෂිනි පසුගියදා එංගලන්තයට සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේදී කඩුලු 7ක් දවාලමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා.

ICC කාන්තා 20 – 20 ලෝක කුසලාන ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන 25 වනදා සිට මැයි මස 07 වනදා දක්වා අබුඩාබිහිදී පැවැත්වෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...