spot_img
spot_img

බිත්තර මිල යළි ඉහළට

පසුගිය දින කිහිපයේ සුළු මිල පහල යාමක් දක්නට ලැබුණු දේශීය බිත්තරයක මිල මේ වනවිට යළි ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට දේශීය බිත්තරයක තොග මිල රුපියල් 50කට ආසන්න මිලක පවතින අතර එහි සිල්ලර මිල රුපියල් 55කට ආසන්නව පවතින බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අලිවිස් මහතා පැවසුවේ අතරමැදියන් විසින් මිල ඉහළ දැමීම සිදු කරන බවයි.

මේ අතර,  බිත්තර මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් යළිත් වරක් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට කටයුතු කරන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

උත්සව සමයත් සමඟ ඉල්ලුම ඉහළ යාම, මෙලෙස බිත්තරයක මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි වෙළඳපොළ දත්ත පෙන්වා දෙන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...