කුරුණෑගල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදිකරන ලද ආර්.එච් ද මෙල් අනුස්මරණ වාට්ටු සංකීර්ණය සුව සත්කාර සේවා සඳහා එක් කිරීම ඊයේ (10) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
දිවංගත අයිලීන් ද මෙල් මහත්මියගේ ඉල්ලීම පරිදි දිවංගත ආර්.එච් ද මෙල් මහතා සිහිවීම පිණිස එම දෙපලගේ ධන පරිත්‍යාගයෙන් මෙම වාට්ටු සංකීර්ණය ඉදි කර තිබුණා.
නීතීඥ මෙත්සිරි පරණවිතාන මහතාගේ මග පෙන්වීම යටතේ ඉදිකරන ලද පස්මහල් මෙම වාට්ටු සංකීර්ණයේ දෙවන අදියර ලෙස ඉදිකරන ලද තෙවන, සිව්වන හා පස්වන මහල් ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 567 ක්.
මෙම වාට්ටු සංකීර්ණය විකලාංග ශල්‍ය වෛද්‍ය වාට්ටු හා දැඩි සත්කාර ඒකකයකින් සමන්විත වෙන අතර දැඩි සත්කාර ඒකකය ඇදන් 11 කින් සමන්වියි.
එමෙන්ම මෙහි විකාලාංග ශල්‍ය වෛද්‍ය වාට්ටුවල ඇඳන් ධාරිතාවය ඇදන් 60 කට අධික වෙනවා.
කුරුණෑගල මහ රෝහල 2016 වර්ෂයේ දී ශික්ෂණ රෝහලක් බවට පත් කර ඇති අතර රෝහලේ සමස්ත ඇදන් ධාරිතාවය 2493 ක් වන අතර රෝහලේ සේවය කරන සමස්ත කාර්ය මණ්ඩලය 3646 කට අධිකයි.
රෝහල තුළ වාර්ෂිකව ශල්‍යකර්ම 16,000 කට අධිකව සිදු කරනු ලබනවා.
2023 වර්ෂයේ දී, බාහිර රෝගී අංශයෙන් 521,255 අධික රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර නේවාසිකව ප්‍රතිකාර ලබාගත් රෝගීන් සංඛ්‍යාව 187,617ට අධිකයි.
රෝහල තුළ ඒකක 158 ක් ක්‍රියාත්මක වන අතර ශල්‍යාගාර 6 ක්, දැඩිසත්කාර ඒකක 7 ක්, වාට්ටු 68 කින් ද සමන්විත වෙනවා.




