Thursday, June 4, 2026
spot_img
spot_img

නවසීලන්තයට යන්න ඉන්න අයට දැනුම්දීමක්

“තිරසාර නොවන” සංක්‍රමණ වැඩිවීමට ප්‍රතිචාර වශයෙන් රැකියා වීසා නීති දැඩි කිරීමට නවසීලන්තය පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

අඩු නිපුණතා සහිත අයදුම්කරුවන්ට දැන් ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා සපුරාලිය යුතු අතර ඔවුන්ට එරට රැඳී සිටීමට අවසර ලැබෙන්නේ වසර තුනක් පමණයි.

මීට පෙර එවැනි පුද්ගලයින් සඳහා වසර 5ක කාලයක් නවසීලන්තයේ රැඳී සිටීමට අවසර තිබුණා.

“ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා මෙම රජයේ සැලැස්මට මෙරට ආගමන ක්‍රමවේදය නිවැරදිව පවත්වාගැනීම ඉතා වැදගත්,” ආගමන අමාත්‍ය එරිකා ස්ටැන්ෆර්ඩ් පැවසුවා.

පසුගිය වසරේ නවසීලන්තයට සංක්‍රමණය වූ සංඛ්‍යාව 173,000ක්.

දැඩි කර ඇති නීති යටතේ, බොහෝ රැකියා වීසා සඳහා අයදුම්කරුවන් කුසලතා සහ සේවා පළපුරුද්ද සම්බන්ධ වූ අවශ්‍යතා සපුරාලිය යුතු වනවා.

නවසීලන්ත බලධාරීන් පවසන්නේ, සංක්‍රමණිකයින්ට රැකියාවක් පිරිනැමීමට පෙර ඔවුන් නිශ්චිත අවශ්‍යතා සපුරා ඇති බව සහතික කිරීම හාම්පුතුන්ගේ වගකීම බවයි.

එසේම කඩිනමින් එරට පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව ලැබෙන ලෙස හඳුනාගත් වෘත්තීන් සඳහා තවත් වෘත්තීන් 11ක් එක් කිරීමට බලධාරීන් සැලසුම් කර තිබූ අතර එම සැලසුම අත්හැර දැමීමට ඔවුන් මේ වනවිට තීරණය කර ඇති බව සඳහන්.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...